Jul 30, 2019

තිලාන් නවසීලන්ත කණ්ඩායමට

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයෙක් ලෙස ශ්‍රී ලංකා හිටපු පිතිකරුවෙකු සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙකු වන තිලාන් සමරවීර මහතා පත් කර තිබේ.

ඒ අනුව ලෝක ටෙස්ට් ශුරතාවය යටතේ අගොස්තු 14-18 හා 22- 26 පැවැත්වෙන තරග දෙකකින් යුත් මෙම තරගාවලියේදී හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවෙක් මෙන්ම පිතිකරණ පුහුණූකරුවෙක් වු තිලාන් සමරවීර නවසීලන්ත කණ්ඩායම සමග කටයුතු කිරිමට‍ එකඟතාවයකට පැමිණ ඇත.

මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවට පැමිණෙන නවසීලන්ත කණ්ඩායම සමග තිලාන් සමරවීර එක්විමට නියමිතව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top