කුලසේකර යනු ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා සේවයක් කළ බව තමන් අවිවාදයෙන් පිළිගන්නා නමුත්, ඔහු හෝ අන් අයකු වේවා තම වර්තමාන දක්ෂතා ඔප්පු කර පෙන්වීමට තරම් සාධක නොමැති නම් ජාතික කණ්ඩායමේ අවස්ථාවක් නොදීම අසාධාරණයක් නොවන බව ද මුරලි සඳහන් කරයි.
ක්‍රීඩකයෙක් ලෙස කුලසේකර දක්ෂයෙක් බවත්, එසේම ඔහු පුද්ගලයෙක් වශයෙන් ඉතා හොඳ අයෙක් බවත් පවසන මුරලි පසුගිය කාලය පුරා ඔහු ක්‍රීඩා කරනු නොදුටු බවත්, එසේ ක්‍රීඩා නොකර තේරීම් කමිටුවට ඔහුගේ දක්ෂතාවය සම්බන්ධයෙන් නිගමනයකට එළඹිය නොහැකි බවද කියා සිටී.
සංචිතයට ක්‍රීඩකයන් තේරීමේ ක්‍රමවේදයක් ඇති බවත් එසේ තිබියදී ඔහුට ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබාදීමට ඇති පදනම කුමක්දැයි ද මුරලි ප්‍රශ්න කරයි.
බංග්ලාදේශය සමඟ පැවැති මුල් එක්දින තරග දෙකම ජය ගෙන තිබූ අවස්ථාවේ කුලසේකරට අවස්ථාවක් දීම සුදුසු බවට තර්ක කළ හැකි වුවද, තම පෞද්ගලික මතය වන්නේ රටක් ලෙස සෑම ජාත්‍යන්තර තරගයක්ම ජය ගැනීම වැදගත් බව යැයිද ඔහු කියා සිටී.
මූලාශ්‍රය - අරුණ