රාජකීය විද්‍යාලයේ සියලු ක්‍රීඩා කමිටු විසින් සියළු ගණුදෙනු පිළිබඳ විස්තර රාජකීය විද්‍යාල සංගමය වෙත දැනුම් දිය යුතු වූවද රාජකීය විද්‍යාලය රග්බි සංවිධාන කමිටුව (Royal College Union) සිය වත්කම් පරිහරණය පිළිබඳව විස්තර එම සංගමයට දැනුම් දී නැත.
එසේම වසර ගණනක පටන් රාජකීය විද්‍යාලීය රග්බි සංවිධාන කමිටුවේ නිලධාරි මණ්ඩලයේ වෙනසක් ද සිදු වී නැතැයි ද පැවසේ.
කෙසේ වෙතත් මෙම කාරණය රාජකීය විද්‍යාල සංගමයේ මහ සභාවේ දී සාකච්ඡාවට ලක් වී ඇති අතර එහිදී ගන්නා ලද තීරණයක් මත රාජකීය විද්‍යාලය සංගමය විසින් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබේ.
රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතාගෙන් කළ විමසීමකදී මේ සම්බන්ධව රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බවද ඊට අමතරව පාසල විසින් මේ සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව පැවසීය.
මූලාශ්‍රය රාවය