ඡන්දය හිමි සමාජ හා සංගම් 15 ක් පමණ දැල්පන්දු ව්‍යවස්ථාවට අනුව පසුගිය වසර තුළ කිසිදු තරගාවලියක් පවත්වා නැතැයිද එම හේතුවම නිලවරණයේදී ඔවුන්ට ඡන්ද බලය අහිමි වීමට හේතුවක් බවත් අදාළ විරෝධතාවල දැක්වේ.
ක්‍රිඩා අමාත්‍යාංශය භාරගත් අවදියේම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ කිසිදු සංගමයක අනුබද්ධ සමාජ අක්‍රීය නම් ඔවුන්ට ඡන්ද බලය අහිමි කරන බවයි. ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා සංගම් රැසකම සාමාජික සමාජ හා සංගම් රැසක් මෙලෙස වසර මුලුල්ලේ කිසිදු ක්රියාකාරීකමක නොයෙදී හුදෙක් නාමික සාමාජිකයන් ලෙස ඡන්ද බලයද භුක්තිවිදිමින් මව් සංගම්වල බලයට පත්වන නිළධාරීන්ගේ පිහිටෙන් කටයුතු කිරීම පසුගිය වකවානුවේ දැඩි ලෙස විවේචනයට ලක්විය. මේවා හදුන්වනු ලබන්නේ paper clubs ලෙසය.