Aug 03, 2019

මෙසීට පාපන්දු තහනමක්

සුපිරි පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී හට දකුණු ඇමෙරිකානු පාපන්දු සම්මේලනය විසින් මාස 3ක පාපන්දු තහනමක් පනවා ඇතැයි විදෙස මාධ්‍ය වාර්තා කරයි.

ඒ ‘කෝපා ඇමෙරිකා’ පාපන්දු තරගාවලිය දූෂිත එකක් බවට ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙනි.

පසුගිය දා අවසන් වූ තරගාවලියේදී ආජන්ටිනාව චිලී දේශය පරදවා තුන්වැනි ස්ථානයට පත්වූ අතර මෙසීව රතු කාඩිපතක් පෙන්වා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු කටයුතු කර ඇත.පසුව මෙසී ප්‍රකාශ කර තිබුණේ මෙම තරගාවලිය බ්‍රසීලයට ජයග්‍රහණය ලබා ගැනීම සඳහා සකසා තිබූ බවයි.

ඒ හේතුවෙන් මාස 3ක ජාත්‍යන්තර පාපන්දු තහනමට අමතරව ඔහුට ඇමරිකානු ඩොලර් 50,000ක දඩයක් ද නියම කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top