Jan 25, 2017

ශ්‍රී ලංකාවට 170ක ඉලක්කයක්

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර කේප්ටවුන් හි පැවැත්වෙන තීරණාත්මක පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 169ක් රැස් කළේය.

තරගයේ 19 වැනි පන්දුවාරය දක්වාම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දකුණු අප්‍රිකානු පිතිකරුවන් පාලනය කර ගැනීමට සමත්වුවද අවසන් පන්දුවාරයේදී මොසෙල් ප්‍රහාරාත්මක පිතිහරඹයක් දියත්කරමින් හයේ පහර 3ක් එල්ල කළේය.

ඔහු පන්දු 15කදී නොදැවී ලකුණු 31ක් රැස්කළේය.

දකුණු අප්‍රිකාව (පන්දුවාර 20කදී) 169/5
(රිසා හෙන්ඩ්‍රික්ස් 41, ඒබී ඩිවිලියස් 63, ලක්ෂාන් සඳකැන් 23/1, සීක්කුගේ ප්‍රසන්න 21/1, නුවන් කුලසේකර 30/1, අසේල ගුණරත්න 31/1 )

ජායාරූපය - ක්‍රික්ඉන්ෆෝ

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top