ඒ අනුව දකුණු අප්රිකාව සමඟ පැවැති පන්දුවාර විස්සයි - 20 ක්රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගනිමින් එම කුසලානය දිනා ගැනීමට ශ්රී ලංකා පිල සමත් විය.
තරගාවලියේ වීරයා නිරෝෂන්
තරගාවලිය පුරා පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 140ක් ලැබූ නිරෝෂන් දික්වැල්ල තරගාවලියේ හා තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේය.
හයේ පහර 3ක් හතරේ පහර 3ක් සමඟ පන්දු 16 කදී වේගවත් ලකුණු 37ක් රැස් කළ සීක්කුගේ ප්රසන්න හා සුපිරි ඉනිමක් ක්රීඩා කළ නිරෝෂන් දික්වැල්ල (51) ශ්රී ලංකා පිලේ ජයග්රහණයේ ප්රධාන නියමුවන් වූහ.
දික්වැල්ල පන්දු 51කදී ලකුණු 68ක් රැස්කළේය. ඔහුගේ ඉනිමට එක් හයේපහරක් හා හතරේ පහර 10ක් අන්තර්ගත විය.
නිරෝෂන්ට හා සීක්කුගේට නොමද සහයක් දුන් ධනංජය සිල්වා (19) හා අසේල ගුණරත්න (නොදැවී 19) පිත්තෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්රිකාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 169ක් රැස් කළේය.
තරගයේ 19 වැනි පන්දුවාරය දක්වාම ශ්රී ලංකා පන්දු යවන්නෝ දකුණු අප්රිකානු පිතිකරුවන් පාලනය කර ගැනීමට සමත්වුවද අවසන් පන්දුවාරයේදී මොසෙල් ප්රහාරාත්මක පිතිහරඹයක් දියත්කරමින් හයේ පහර 3ක් එල්ල කළේය.
ඔහු පන්දු 15කදී නොදැවී ලකුණු 31ක් රැස්කළේය.
දකුණු අප්රිකාව (පන්දුවාර 20කදී) 170/5
(රිසා හෙන්ඩ්රික්ස් 41, ඒබී ඩිවිලියස් 63, ලක්ෂාන් සඳකැන් 23/1, සීක්කුගේ ප්රසන්න 21/1, නුවන් කුලසේකර 30/1, අසේල ගුණරත්න 31/1 )
ශ්රී ලංකාව (පන්දුවාර 19.5කදී) 170
(නිරෝෂන් දික්වැල්ල 68, උපුල් තරංග 20, ඹනංජය සිල්වා 19, සීක්කුගේ ප්රසන්න (නොදැවී) 37, අසේල ගුණරත්න (නොදැවී) 19)
ජායාරූපය - ක්රික්ඉන්ෆෝ