ඔහු නිවේදනය කර ඇත්තේ ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්සයි - 20 තරගවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් විශ්‍රාම ගන්නා බවයි.
36 හැවිරිදි අම්ලා වසර 15ක කාලයක් තිස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටී.
ඔහු ටෙස්ට් තරග 124කට ක්‍රීඩා කර ඇති අතර ටෙස්ට් ලකුණු 9,282ක් රැස්කර තිබේ.
එක්දින ලකුණු 8000 පසුකර ඇති අම්ලා ඒ සඳහා එක්දින තරග 178 කට ක්‍රීඩා කර ඇත.
අම්ලා පන්දුවාර විස්සයි - 20 තරග 44කදී ලකුණු 1,277 ක් රැස්කරගෙන ඇත.