Aug 09, 2019

මහේල ඉන්දීය පුහුණුකරු වෙන්න තියා ඊට ඉල්ලුම්පතක්වත් දාල නෑ Featured

හිටපු සුපිරි පිතිකරුවකු වන මහේල ජයවර්ධන ඉන්දීය පුහුණුකරුවීමට ඉල්ලුම් පතක් හෝ යොමුකර නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමට යොමු කර ඇති ඉල්ලූම් පත් අතරින් තෝරාගත් හය දෙනකුගෙන් තිදෙනකු සඳහා ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවත්, ඒ අතර මහේල ජයවර්ධන සිටින බව විදෙස් මාධ්‍යවල පවා පලවිය.

මේ අතර, මහේලට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණුකරු වන ලෙස ඉල්ලා තමා කෙටි පණිවුඩයක් යැවූ බව පසුගිය දිනක ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් ද මහේලගේ පැහැදීමක් නොමැති බවත්, ඔහු පුහුණුකරුවක ලෙස ක්‍රිකට් ආයතනයට එක්වීමට මනාපයක් නොමැති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු වූ චන්දික හතුරුසිංහට අත්වූ ඉරණම තමාට ද අත්කර ගැනීමට කැමැත්තක් නැති බව මහේල සිය මිතුරන් සමඟ පවසා ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top