Aug 11, 2019

තිලංග ද සොයිසා පිටියටත් විදින්න හදයි Featured

දානපති ද සොයිසා වරුන් විසින් මොරටුව ජනතාවට පරිත්‍යාග කළ ඉඩමක පිහිටි ද සොයිසා ක්‍රීඩාංගනය බදු ගිවිසුමක් යටතේ ‍ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පවරා දීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

මෙසේ මෙම ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පමණක් සීමාව වුවහොත් සිදුවන්නේ ගාල්ල ක්‍රීඩාංගණයට සිදු වූ දෙයම බව මොරටු ප්‍රදේශවාසීහු පවසති.

ගාල්ල ක්‍රීඩාංගණය ද ජාත්‍යන්තර ක්‍රිකට් වලට සීමා වන බදු ගිවිසුමකට යටත් වූ නිසා එම ප්‍රදේශයේ පාසල් වල හා ක්‍රීඩා සමාජ වල වෙනත් ක්‍රීඩා පැවැත්වීමට ක්‍රීඩාංගණයක් ගාල්ලට අහිමි විය.

මෙවැනි තත්ත්වයක් මොරටුවේ වෙනත් ක්‍රීඩා වෙතත් අත්වනු ඇතැයි මොරටුවේ ක්‍රීඩා ලෝලීන් පිරිසක් ශ්‍රී ලංකා මිරර් වෙත පැවසූහ.

පසුගියදා මොරටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස පත් කරන ලද තිලංග සුමතිපාල මහතා විසින් මොරටුව නගර සභාව හා එක්ව මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට යන බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top