Jan 26, 2017

බෝල්ට් ට රන් ත්‍රිත්ව ත්‍රිත්වය අහිමි වෙයි

ඔලිම්පික් රන් පදක්කම් ත්‍රිත්ව ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් වූ ජැමේකානු ජාතික සුපිරි මළල ක්‍රීඩක - යුසේන් බෝල්ට් හට එක් රන් පදක්කමක් අහිමි වී තිබේ.

ඒ, බීජිං ඔලිම්පික් උළෙලේ දී 4x100m ඉසව්ව සඳහා සහභාගී වූ ජැමේකානු පිළේ සිටි නෙස්ටා කාටර් තහනම් උත්තේජක ලබාගෙන සිටි බවට හෙළිවීමත් සමගිනි.

පසුගිය වසරේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 454 දෙනෙකු ගේ මුත්‍රා සාම්පල් යළිත් පරික්ෂාවට ලක් කර අතර, කාටර් ගේ සාම්පලයේ methylhexaneamine නම් තහනම් උත්තේජකය හමුවී තිබේ.

මේ අනුව,2008 බීජිං ඔලිම්පික් උළෙලේදී, 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී හා පසුගිය වසරේ රියෝ ඔලිම්පික් උළෙලේදී පැවති මීටර 100, 200 හා 4x100m ඉසව් සඳහා රන් පදක්කම් දිනාගනිමින් ලබාගත් රන් ත්‍රිත්ව ත්‍රිත්වය ද බෝල්ට් හට අහිමි වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top