සිදුකර ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා රැසක් පිළිබඳව දැක්වෙන මෙම වාර්තාවට පිළිතුරු සකස් කිරීම විධායක සභාව විසින් සුජීව ගොඩලියද්ද මහතාට පවරා ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
උතුරුමැද ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා ද වන ගොඩලියද්ද මහතා මාතලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා ලක්බිම පුවත්පතේ ප්‍රධාන විධායක නිලදාරියා ලෙසද කටයුතු කළ අයෙකි.
මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඔහු හා තවත් කිහිප දෙනෙකු ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ බලධාරියකු සමග පසුගියදා මහනුවර හෝටලයක දී සිදුකර ඇතැයි ද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
මේ අතර කෝප් කමිටුවද ක්‍රිකට් ආයතනය සම්බන්ධ වූ පැමිණිලි පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද පැවසේ.