Aug 16, 2019

අසාර්ථකත්වයට බලපෑ හේතුගැන මැතිව්ස් කියයි Featured

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දැඩි අසාර්ථකත්වයට පසුගිය කාලයේ සිදුවූ අතපසුවීම් බලපෑ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

මැතිව්ස් මේ අදහස් දක්වා ඇත්තේ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

ස්ථාවරත්වය කියන එක අනිවාර්යෙන්ම ඕනෑම කණ්ඩායමකට බලපාන බවත් ලෝක කුසලානයෙන් පසුවද හොඳට කරපු රටවල් ඔක්කොම 20 ක් 25 ක් තෝරගෙන අවුරුදු 4 ම ක්‍රීඩා කළ බවත් මැතිව්ස් සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මෙසේද පැවසීය.

“එහෙම නොවුණම ඒ කණ්ඩායම ස්ථාවර වෙන්නේ නෑනේ. අද ගහන කණ්ඩායම හෙට ගහන්නෙ නැත්නම්. හෙට ගහන කණ්ඩායම අනිද්දා ගහන්නේ නැත්නම් කණ්ඩායමක් කොහොද ස්ථාවර වෙන්නේ. එතනින් තමයි අපි ආරම්භ කළ යුත්තේ. 2017 වසරේ මම ඉවත්වීමෙන් පසුව නායකයොම 6 ක් විතර හිටියා. ඒ දේවල් තමයි බලපාන්නේ. ඒවා රහස් නොවයි හැමෝම දන්න දේවල්” 

“අනිවාර්යෙන්ම ඉදිරියට යන්න මේ දේවල් හදාගත යුතුයි. මම විශ්වාස කරනවා ඒ දේවල් වෙයි කියලා. වර්තමාන එක්දින කණ්ඩායම ගත්තොත් ඒ සියලුම දෙනාට ඊළඟ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්න පුළුවන්. 25 ක සංචිතයක් තෝරාගෙන වසර 3 ක් 4 ක් ක්‍රීඩා කළා නම් සාර්ථක වෙනවා. පොඞ්ඩක් ඉවසලා අපි ඒ දේවල්වලින් ඉදිරියට ගියා නම් අනිවාර්යෙන්ම අපිට හොඳ කණ්ඩායමක් ඉදිරියේදී හදාගන්න පුඵවන්”

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top