Aug 16, 2019

නයිට් රයිඩර්ස් ප්‍රධාන පුහුණුකාරධූරය මැකලම්ට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමක් වන කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු නවසීලන්ත සුපිරි පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් පත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ කොල්කටා කණ්ඩායමේ හිටපු පුහුණුකරු ජැක් කලිස් වෙනුවටයි.

2008 වසරේ සිට මේ දක්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් විස්සයි 20 තරගාවලි නියෝජනය කළ මැකලම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම දැනට දින කිහිපයකට ඉහතදී නිවේදනය කළේය.

ඒ හේතුවෙන් මැකලම්ව කොල්කටා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කිරීමට එම කණ්ඩායමේ කළමණාකාරිත්වය තීරණය කළ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top