ආසියානු රටක් ලෝක පොලිස් ක්‍රිකට් කුසලානය දිනාගත් පළමු අවස්ථාව මෙය බවද පැවසේ.
අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජයට පත්වූයේ බටහිර ඔස්ට්‍රේලියානු කන්ඩායමයි.
ශ්‍රී ලංකා පොලිස් ක්‍රීකට් කණ්ඩායමේ නායකයා ලෙස සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාර මහතා කටයුතු කරන අතර ලෝක ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.