Aug 20, 2019

අකිලට හා විලීට රතුඑළි

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ සහ නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ නීති විරෝධී බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) චෝදනා එල්ල වී ඇතැයි වාර්තා වේ.

මේ අනුව දින 14 ක් ඇතුළත ඔවුන් පන්දු යැවීම් ඉරියව් පිළිබඳ පරීක්ෂණයකට යොමු විය යුතු බවද ඔවුන් අනාවරණය කරයි.

ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟයෙන් අනතුරුව මොවුන් දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට එම තරගයේ විනිසුරුවන් තරග තීරකවරයාට පැමිණිලි කර තිබේ.

ගාල්ලේ දී පසුගිය වසරේදී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තහනමට ලක්වීමකට පසුව ඔහු පළමු වරට පසුගිය ටෙස්ට් තරගයට සහභාගී විය.

අකිල මෙම තරගයේ පළමු ඉනිමේදී කඩුලු 5ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top