Aug 20, 2019

අකිල ධනංජය 2වැනි ටෙස්ට් තරගයෙන් ඉවතට : දිල්රුවන් කැඳවයි

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය නවසීලන්තය සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කරගයෙන් ඉවත් කර ඇතැයි “ශ්‍රී ලංකා මිරර්” වෙත වාර්තා වේ.

ඔහු වෙනුවට දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා පිලට එක් කිරීමට සූදානම් වන බව පැවසේ.

දින 14ක් ඇතුළත පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ පරීක්ෂණයට ඉදිරිපත්වන තෙක් අකිලට පන්දු යැවීම සිදු කළ හැකි බැවින් ඔහුට දෙවැනි ටෙස්ට් තරගයට සහභාගිවීමේ ගැටලුවක් නොමැති බවද මේ අතර වාර්තා වේ.

විශේෂ සිද්ධිය වන්නේ අකිලට සිය පන්දු යැවීම නිවරදි කර ගැනීමට උපදෙස් ලබා ගැනීමට මේවන විට දඟපන්දු පුහුණුකරුවකු ශ්‍රී ලංකා ජාතික පිල සතු නොවීමය.

ඒ ශ්‍රී ලංකා දඟ පන්දුයවන්නන්ගේ පුහුණුකරු පියල් විජේතුංග හා සහය දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු අජිත් ඒකනායක යන දෙදෙනාගේ පුහුණු කොන්ත්‍රාත් කාලය අවසන්වීම නිසා ඔවුන් සේවයෙන් ඉවත්ව ගොස් සිටීම ඊට හේතුවෙයි.

ශ්‍රී ලංකා ජාතික පිලේ පුහුණුකරු වන රොමේෂ් රත්නායක ද වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරුවකු බැවින් මේ තත්ත්වය වඩාත් බරපතල වී ඇති බව පැවසේ.

අකිල සිය නිවරදිතාවය ඔප්පු කර පෙන්වීම සඳහා ඉන්දියාවට යාමට සූදානම්වන බවද මේ අතර වාර්තා වේ.

අකිල නවසීලන්තය සමඟ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කඩුලු 5ක් හා දෙවැනි ඉනිමේදී එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

නවසීලන්ත, ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරග ලබන 22 වැනිදා පී. සරා ක්‍රීඩාංගනයේදී පැවැත් වේ.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top