මෙලෙස ජීවිතාන්තය දක්වා ක්රිකට් තහනමකට ලක්ව ඇත්තේ ඉර්ෆාන් අහමඩ් සහ නදීම් අහමඩ් යන ක්රීඩකයින් දෙදෙනායි.
ඉර්ෆාන් අහමඩ් ක්රීඩකයා අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතේ වගන්ති 9ක් සහ නදීම් අහමඩ් එම පනතේ වගන්ති 3ක් කඩ කර තිබේ.
ඊට අමතරව හොංකොං කණ්ඩායමේ හසීබ් අම්ජාඩ් නම් ක්රීඩකයාට වසර 5ක තහනමක් ද පැනවීමට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.
වසර දෙකක කාලයක් තුළදී තරග පාවා දීම හෝ පාවා දීමට සැලසුම් කිරීම සහ පාවා දීමට ලද යෝජනා සම්බන්ධයෙන් අනාවරණය කිරීමට අසමත් වීම යන චෝදනා ඔවුන්ට ප්රධාන වශයෙන් එල්ල වී ඇති බව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය අනාවරණය කරයි.