නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියෙන් ඔහුව ඉවත් කිරීමෙන් අනතුරුව මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ බව පවසා ඇත.
කලක් ශ්‍රී ලංකාව සතු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසින් සැලකුණු මැතිව්ස් පාදයේ අබාධයකට ලක් වීමෙන් අනතුරුව පන්දු යැවීමෙන් වැළකී සිටියේය.
ජාත්‍යන්තර විස්සයි 20 තරග 72කට ක්‍රීඩා කර ඇති මැතිව්ස් අර්ධ ශතක පහක් සමගින් ලකුණු 1055 ක් රැස්කර තිබේ.
විස්සයි - 20 තරග ස්වභාවය අනුව වේගයෙන් ලකුණු අතරට පැමිණීම, කඩුලු අතර ධාවනය, පිටියේ පන්දු යැවීමේ හා රැකීමේ වේගය වැනි සාධකයන් එම සංචිතයට ක්‍රීඩකයෙකු ඇතුළත් කිරීමේදී අනුගමනය කෙරෙන අතර, එහිදී පිතිකරණයට අමතරව පන්දු යැවීමට ඇති හැකියාවද තීරණාත්මකව බලපාන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සදහන් කරයි.