Aug 28, 2019

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකාවෙන් බිහිවු සුපිරි පිට දග පන්දු යවන්නෙක් වන අජන්ත මෙන්ඩිස් තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබේ.

මේ වන විට 34 හැවිරිදි මෙන්ඩිස් පාදයේ අබාධයක් හේතුවෙන් කලක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටියේය.

යුධ හමුදා ක්‍රීඩා සමාජයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි මෙන්ඩිස් ඔහුටම අනන්‍යවූ පන්දු යැවීමකින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තම අනසක පැතිරවීය.

ටෙස්ට් තරග 19කදී කඩුලු 70ක්, එක්දින තරග 87කදී කඩුලු 152ක් හා විස්සයි - 20 තරග 39 කදී කඩුලු 66ක් දවා ගැනීමට ඔහු සමත්ව ඇත.

2015 වර්ෂයේදි අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරගාවලියකට ක්‍රිඩා කිරිමෙන් අනතුරුව ඔහුට යලිත් ජාතික කණ්ඩායම නියෝජනය කිරිමට අවස්ථාවක් හිමි නොවිය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top