මෙම තරගයේදී අත්කරගත් ජයත් සමගින් නවසීලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණේ පසුවෙයි.
මේ තරගයේදී ලකුණු 23කට කඩුලු දෙකක් දවා ගත් ලසිත් මාලිංග විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව හිමිකරගැනීමට සමත් විය.
ඔහු ලබාගත් කඩුලු 2ත් සමග ලසිත්ගේ විස්සයි20 ජාත්‍යන්තර කඩුලු සංඛ්‍යාව 99ක් විය.
ඒ අනුව කඩුලු 98ක් දවාගනිමින් එහි ඉදිරියෙන් පසුවු පන්දු යවන්නා වූ පාකිස්තාන ක්‍රිඩක සහීඩ් අෆ්රිඩී 2 වැනි ස්ථානයටප පත්විය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 20කදී කඩුලු 4ට ලකුණු 174ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 19.3කදී කඩලු 5ක් දැවී ලකුණු 175ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.
තරගයේ වීරයා ලෙස රොස් ටේලර් සම්මාන ලැබීය.
ශ්‍රී ලංකාව 174/4 (පන්දුවාර 20)
කුසල් මෙන්ඩිස් 79, නිරෝෂන් දික්වැල්ල 33, දසුන් ශානක 17*, ඉසුරු උදාන 15*, ටිම් සවුති 2/20
නවසීලන්තය 175/5 (පන්දුවාර 19.3)
කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් 44, රොස් ටේලර් 48, ලසිත් මාලිංග 2/23