Sep 03, 2019

දැල්පන්දු නිලවරණය හදිස්සියේ පැවැත්වූයේ කාගේ වුවමනාවටද ?

ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ගේ අවශ්‍යතා සපුරාලමින් පසුගියදා පැවැති දැල්පන්දු නිලවරණය අවසානයේ ඒකපාර්ශවික ලෙස නිමාවට පත්ව ඇත.

මේ සඳහා පාර්ශව දෙකක් තරඟ වැදුණු අතර අනුබද්ධිත සංගම් තුනක් හැර සෙසු සියලුම අනුබද්ධිත සංගම් හුදෙක් නාමමාත්‍රික සංගම් බවත්, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මුලින්ම සඳහන් කළ පරිදි ව්‍යවස්ථාවට පටහැනි අක්‍රීය සංගම් වලට නිල වරණයකදී ඡන්දය භාවිතා කළ නොහැකි බවත්, දක්වමින් එක් පාර්ශවයක් ඇපැල් කමිටුවට යොමු කළ විරෝධතාවක් එම කමිටුව විසින් අනුමත කර තිබියදී ක්‍රීඩා අමාත්‍යාංශයේ එක්තරා නිලධාරියෙකුගේ උවමනාවට මෙම නිලවරණය පවත්වා තිබිණි.

සියලුම ක්‍රීඩා ඇමැතිවරුන් ගොනාට ඇන්දවීමේ සමතකු වන මෙම නිලධාරියා එක්තරා සංගමයක ජාතික පුහුණුකරු ලෙස ද වසර ගණනාවක් කටයුතු කරමින් ඔවුන්ගේ සෑම සංචාරයකට සහභාගි වීමද කැපී පෙනෙන කරුණක් බව ක්‍රීඩා අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි
මාර්ගවලින් වාර්තා වේ.

එහිදී අමාත්‍යාංශ නිලධාරියකුට විදෙස් සංචාරයක දී ලැබෙන ඩොලර් දීමනා හා ක්‍රීඩකයන්ගේ පදක්කම් සඳහා පුහුණුකරුට හිමිවන මුදල් ද සමඟ වසරකට රුපියල් ලක්ෂ ගණනක් මේ නිලධාරියා උපයාගන්නා බවද පැවසේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top