Pasidol
Sathosa Ad Final Sinhala
Jan 27, 2017

තරගය මැද ඇහැක් එළියට පැනලා!

පැසිපන්දු තරගයක් අතරතුරදී එක් ඇසක් එළියට ආ ක්‍රීඩකයෙකු පිළිබඳ පුවතක් නවසීලන්තයෙන් වාර්තා වේ.

මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ නිව්සීලන්ඩ් බ්‍රේකර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ ඇමෙරිකානු ජාතිකයෙකු වන අකිල් මිචෙල් ය.

අත්වැරදීමකින් ප්‍රතිවිරුද්ධ පිළේ ක්‍රීඩකයෙකු ගේ ඇඟිල්ලක් ඇසේ වැදීම හේතුවෙන් මිචෙල් ගේ අක්ෂි බෝලය පිටතට පැන තිබුණි.

පිටතට පනිනු ලැබූ අක්ෂිබෝලය සිය අල්ලට දැනුනු බවත්, එම අවස්ථාවේදී පවා ඔහුට පෙනීම අහිමි නොවුනු බවත් මිචෙල් නවසීලන්ත මාධ්‍ය වෙත පවසා තිබේ.

රෝහලක් කරා යාමට ගිලන්රථයකට ගෙන යනු ලැබූ මිචෙල් ට වේදනා නාශක ලබාදී තිබුණු අතර, එහිදී සේලයන් බිංදු කිහිපයක් දැමූ පසුව ඇස යළිත් සිය අක්ෂි කුහරයට ලිස්සා යන අයුරු තමාට දැනුනු බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

කෙසේවෙතත්, මේ වන විට සුවය ලබමින් සිටින මිචෙල්, ඉදිරියේදී සම්පූර්ණ සුවය ලබා යළිත් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Eyedemage 1

Eyedemage 2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top