පල්ලෙකැලේ පිටියේ පැවැති තරගයේදී මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 125/8 ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 16කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 88ක් පමණි.
මාලිගේ වාර්තා 4
මෙහිදී ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග විස්සයි-20 ලෝක වාර්තා කිහිපයක්ම පිහිටුවමින් පන්දු හතරකදී පිට පිටම කඩුලු 4ක් සමග කඩුලු 5ක් දවාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළේය.
මාලිංග තැබූ පළමු වාර්තාව වන්නේ ජාත්‍යන්තර විස්සයි20 පිටියේ පිට පිටම පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් ලෝකයේ පළමු පන්දු යවන්නා බවට පත්වීමයි.
මේ තරගයේ තෙවැනි පන්දුවාරයේදී ලසිත් මාලිංග පිළිවෙළින් කොලින් මුන්රෝ, හමීෂ් රදර්ෆෝඩ්, කොලින් ඩි ග්‍රෑන්ඩ් හෝම් හා රොස් ටේලර් දවාගනිමින් මාලිංග මෙම දක්ෂතාව දැක්වීය.
මුන්රෝ දවාගැනීමත් සමග මාලිංග විස්සයි-20 කඩුලු 100 සම්පූර්ණ කළ අතර ලෝකයේ එවැනි දක්ෂතාවත් දැක්වූ පළමු පන්දු යවන්නා බවටද මාලිංග ලෝක වාර්තාවක් පිහිටවීය.
එසේම විස්සයි-20 පිටියේදී මාලිංග ලබාගත් දෙවැනි කඩුලු ත්‍රිත්වය මෙය වන අතර ඒ අනුව එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝකයේ එකම පන්දු යවන්නාද මාලිංග වේ.
මාලිංග මීට පෙර එක්දින පිටියේදී පිට පිටම පන්දු හතරකදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් හතරක් දවාගනිමින් ලෝක වාර්තාවක් පිහිටවීය.
ඒ අනුව විස්සයි20 පිටියේදී හා පන්දුවාර 50 තරගවලදී එවැනි දක්ෂතාවක් දැක්වූ ලෝකයේ එකම හා පළමු පන්දු යවන්නා වන්නේද මාලිංගයි.
මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 වරම් හිමිකර ගැනීමට ළහිරු මධුශංක සමත්විය.
විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි.