Sep 09, 2019

මෙන්ඩිස්ට සති 6ක් ක්‍රිකට් බෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ට ආබාධයක් හේතුවෙන් සති 6ක පමණ කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි වාර්තා වේ.

නවසීලන්තයට එරෙහිව පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි - 20 තරගයේදී උඩ පන්දුවක් රැකගැනීමට යෑමේදී කුසල් දණහිස ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් ඔහුට අවසන් තරගයට සහභාගි වීමටද නොහැකි විය.

මෙන්ඩිස්ට පාකිස්තානු සංචාරය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top