ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට ලැබී ඇති බලතලවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන තිලංග සුමතිපාලට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීම වළක්වා ඇති බව වාර්තාවේ.
තිලංගට පිළියන්දලින් විරෝධතාවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික සංගමයක් වන පිළියන්දල ක්‍රීඩා සමාජය විසින් ඇමැතිවරයාට එවූ විරෝධතාවක් සලකා බලා මේ තාවකාලික තහනම නිකුත් කොට තිබේ.
එම ක්‍රීඩා සංගමය විරෝධතාවෙන් පෙන්වාදී ඇත්තේ පසුගියදා ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රයක් අනුව සුමතිපාල මහතාට ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු ලෙස තනතුරුක් දැරිය නොහැකි බවයි.
ඔට්ටු හා සූදු කාරයන්ට බෑ
ඔට්ටු ඇල්ලීමේ, සූදු ක්‍රීඩාවේ, පරදු තැබීමේ ව්‍යාපාරයක නියැලී සිටින තැනැත්තෙක් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙක් ක්‍රීඩා කමිටුවක සාමාජිකයකුවීම හෝ නිලතල දැරීම නුසුදුසු බව ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශ වූ අතර එය ක්‍රීඩා පනත සමග කියවිය යුතු ක්‍රීඩා නියෝගවලට ඇතුළත් කොට තිබිණි.
ඒ අනුව ඉදිරියටත් තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතුවලට සම්බන්ධවීමට හැකිදැයි සොයාබලා මසක් ඇතුළත වාර්තාවක් සැපයීම සඳහා ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගලගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග පවසයි.