2009 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පදනම් කර ගනිමින් ඇතැමුන් මෙම සංචාරයට එක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පාකිස්තාන තරඟ සංචාරයට එක්වීමට කැමති ක්‍රීඩකයින්ගෙන් යුත් සංචිතයක් මේ වන විටත් සකස් කර ඇති බවත් අනිකුත් තරඟ කරුවන්ගේ තීරණයට තමන් ගරු කරන බවත් ක්‍රීඩා ඇමතිවරයා ගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
පාකිස්තාන සංචාරයට ලසිත් මාලිංග, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල් ඇතුළු ක්‍රීඩකයන් 10ක් එක්නොවීමට තිරණය කර තිබේ.