අග්රාමාත්ය කාර්යාලය විසින් ක්රීඩා අමාත්යංශය හරහා ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙත එවා තිබූ අනතුරු ඇගවීමක් සැලකිල්ලට ගනිමින් ක්රිකට් ආයතනය මෙම ඉල්ලීම කර ඇති බව පැවසේ.
පාකිස්තානු සංචාරය අතරතුර ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ත්රස්ත ප්රහාරයක් එල්ලවිය හැකි බවට විශ්වාසදායක තොරතුරක් ලැබී ඇති බව අග්රාමාත්ය කාර්යාලය විසින් ක්රිකට් ආයතනයට දැනුම්දීමක් සිදුකර තිබේ.
ඒ අනුව පාකිස්තානු සංචාරයට පෙර ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළම අවධානයක් යොමුකරන ලෙස ශ්රී ලංකා ක්රිකට් ආයතනයට උපදෙස් ලැබී ඇති බව පැවසේ.