Sep 17, 2019

ගුරුසිංහගේ තැන ජෙරොම්ට Featured

තම කොන්ත්‍රාත් කාලය හමාර කොට අසංක ගුරුසිංහ ආපසු ඔස්ට්‍රේලියාව බලා යාමෙන් පසු මේ දක්වා හිස්ව තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අධිතාක්ෂණ පුහුණු අංශ ප්‍රධානී තනතුරට ජෙරොම් ජයරත්න පත් කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මීට පෙරද ජෙරොම් ජයරත්න කෙත්තාරාමයෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු අංශ ප්‍රධානියා ලෙස කටයුතු කර පසුව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස පත් කරන ලදී.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ අතිනත ගත්තේ ජෙරම් ජයරත්නගේ දියණිය සමඟය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top