Sep 19, 2019

පාසල් ක්‍රිකට් සංගමයේ කඹ ඇදිල්ලෙන් පාසල් අතර භේදයක් Featured

පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් අතර පවතින භේදයක් හේතුවෙන් පසුගිය වසරේ 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ කණ්ඩායම් පහත දැමීමේ දී අසාධාරණයක් සිදුව ඇතැයි වාර්තා වේ.

තරග ලකුණු සටහනේ අවසාන ණ්ඩායම් දෙක අශෝක විදුහල හා කෑගලු විද්‍යාලය වුවත්, එම පාසල් දෙකේම ක්‍රිකට් භාර ආචාර්යවරුන් පාසල් ක්‍රිකට් සංගමයේ ප්‍රබල නිලධාරීන් දෙදෙනෙකු වීම නිසා විනය විරෝධී ලෙස කටයුතු කළ බව පවසා ලකුණු සටහන ඉදිරියෙන් සිටි කණ්ඩායම් දෙකක් වන එස්. ද එස්. ජයසිංහ හා දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය ලබන වර තුන්වැනි කොටසට පහත දැමීමක් සිදු කර ඇත.

එස්. ද එස්. ජයසිංහ විදුහලේ ක්‍රිකට් භාරව කටයුතු කරන්නේ ද පාසල් ක්‍රිකට් සංගමයේ ප්‍රබල නිලධාරියෙකි.

එහෙත් මේ වන විට එහි සභාපති වරයා හා නිළධාරී මණ්ඩලයේ පිරිසක් මෙම නිලධාරියා සමඟ විරසකයකින් පසුවීම හේතුවෙන් ඔහුට අදාළ ගැටලුව විසඳාගැනීමට නොහැකිව ඇති බව පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top