Sep 21, 2019

තිසරව හදිස්සියේ කැඳෙව්වේ ඇයි ?

‘‘ජාතික කණ්ඩායමේ අවශ්‍යතාව නිසයි ඔහුව නැවත ගෙන්නුවේ’’ යැයි ‘කැරිබියන් ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා නැවත ශ්‍රී ලංකාවට කැඳවීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසා ඇත.

කෙසේවුවද, ඈෂ්ලි එසේ පැවසුද ක්‍රිකට් විචාරක මතය වී ඇත්තේ තිසර, පාකිස්තානු සංචාරයට සහභාගි වන කණ්ඩායමට ඇතුළත්ව නොමැති නිසා ඔහු හදිසියේ කැඳවීමට තරම් ජාතික අවශ්‍යතාවක් නොවන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක්‍රීකයකු වන තිසර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතියෙන් තොරව ‘කැරිබියන් ප්‍රිමියර් ලීග්’ තරගාවලියට සහභාගි වීම හේතුවෙන් ඔහු පාකිස්තානු සංචාරය සඳහා සංචිතය තේරීමේදී නොසළකා හැරිය බව ඊට පෙර වාර්තා විය.

ඉන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට පසුගිය ඉරිදාට (15 වැනිදා) නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දැනුම්දී තිබුණි.

කෙසේ වෙතත් තිසර ඔහුට ලබාදුන් අවසන් දිනයේ ද තරගයකට සහභාගි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ ‘කැරිබියන් ප්‍රීමියර් ලීග්’ තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තිසරට අවසර ලබාදුන් බවයි. එසේ අවසර ලැබුණේ නම් තිසර හදිසියේ නැවත කැඳවීම ඔහුට කළ අසාධාරණයකි.

තිසර පසුගිය බදාදා රාත්‍රියේ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top