Sep 22, 2019

බීපු ක්‍රිකට් ක්‍රීඩකයන් තුන බංග්ලාදේශ සංචාරයෙන් ඉවතට 

ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය අතරතුර මත්පැන් පානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් යොවුන් ක්‍රීඩකයින් තුන්දෙනෙකුට තරග සංචාරයක් තහනම් කර තිබේ.

එම තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් පසු මෙම යොවුන් ක්‍රීඩකයින් තිදෙනා නවාතැන් ගෙන සිටි හෝටලයේදී බීමත්ව සිටි බවට චෝදනා එල්ලවී තිබිණි.

පසුව එම ක්‍රීඩකයින්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන් බීමත්ව සිටි බව අනාවරණය වී තිබේ.

ඒ හේතුවෙන් මෙම ක්‍රීකයින් තිදෙනා එළඹෙන බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍යට පවසා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top