Sep 24, 2019

මෙසී - රැපිනෝ ට ඉහළම ෆීෆා සම්මාන

මිලාන් හි පැවති හොඳම ෆීෆා පාපන්දු සම්මාන උළෙලේදී ඉහළම සම්මාන දිනාගැනීමට මේගන් රපිනෝයි සහ ලයනල් මෙසී සමත් විය.

මිලාන්හි පැවති මෙම සම්මාන උළෙලේදී හොඳම ක්‍රීඩකයා සඳහා වූ සම්මානය ලබාගැනීමට මෙසී සමත්වූයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලිවර්පූල් හි වර්ජිල් වැන් ඩිජ්ක් පරදවමිනි.

මෙසී, ලොව හොඳම ක්‍රීඩකයා ලෙස තේරී පත්වූ හයවැනි අවස්ථාව මෙයයි.

32 හැවිරිදි මෙසී ගේ දක්ෂතාව හේතුවෙන් බාසිලෝනාට ක්‍රීඩා සමාජය හට ලා ලිගා කුසලානයේ ජය හිමිකරගැනීමටත් චැම්පියන්ස් ලීග් අවසන් පූර්ව වටයට පිවිසීමටත් හැකිවිය.

රැපිනෝ, හොඳම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවේ 2019 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ජය ඇමෙරිකාවට අත්කර දෙන අතර එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද පත්වෙමිනි.

මේ අතර, ජිල් එලිස් හොඳම කාන්තා පුහුණුකරු සම්මානය ලබා ගත්තාය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top