Sep 24, 2019

කෝලිට ICCයෙන් රතු එළි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලිහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී)ය විසින් අනතුරු ඇගවීමක් කර ඇතැයි වාර්තා වේ.

ඒ විනය නීති උල්ලංගනය කිරීමක් සම්බන්ධයෙන් බවද පැවසේ.

සංචාර ක දකුණූ අප්‍රිකා කන්ඩායම ට එරෙහි තුන්වැනි විස් සයි - 20 තරගයේදී වමතින් මදවේග පන්දු යවන ක‍්‍රීඩක බෙවුරාන් හෙන්ඩ්රික්ස් සමග ගැටුම්කාරී තත්වයකට මැදිහත්වීමට උත්සහ දැරීම ඊට හේතු වේ.

එබැවින් ඔහුගේ ක්‍රිකට් වාර්තා අතරට තවත් අසාදු ලකුණූක්ද එක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කටයුතු කර ඇත.

වසර 2016 පසුව කෝලි මෙවැනි වරදකට හසුවු තුන්වැනි අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top