එන්.සී.සී. ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වශයෙන් මෙතෙක් පළමු පෙළ තරග ක්‍රීඩා කළ චන්දිමාල් ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරග සඳහා සහභාගි වනු ඇත.
යුද හමුදාව යටතේ ක්‍රිකට් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 350ක් පමණ සිටින බව යුද හමුදා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
නිලයකට පත් වීමත් සමගම අවශ්‍ය විටෙක චන්දිමාල්ට යුද හමුදා නිල ඇදුම ඇඳීමට සිදුවන අතර කිසියම් පුහුණුවකටද නුදුරේදී ඔහුට එක්වීමට සිදුවෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 146 කට සහභාගි වී තිබෙන චන්දිමාල් එහිදී ලකුණු 3599ක්ද, ටෙස්ට් තරග 53 කදී ලකුණු 3768ක්ද, විස්සයි විස්ස තරග 54කදී ලකුණු 800ක්ද ආදී වශයෙන් රැස්කරගෙන තිබෙයි.
චන්දිමාල්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තවත් සක්‍රීය ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී කටයුතු කිරීමට සූදානමින් පසුවන බවත් වර්තා වේ.