එකී අවම ලංසුව ඉදිරිපත් කළ බව පැවසෙන ‘කවිඳු බිල්ඩර්ස්’ නමැති ආයතන විසින් මේ සම්බන්ධයෙන් 2019.09.12 දාතමින් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් පැමිණිලි කර ඇති අතර ලේකම්වරයා විසින් ඒ සම්බන්ධයෙන් සුගතදාස
පාලනාධිකාරියෙන් කරුණු විමසා තිබේ.
මෙවැනි ටෙන්ඩරයක් ඉදිරිපත් කිරීමේදී ටෙන්ඩර්පත් මුල් පිටපත සහ අනු පිටපත ලෙසින් පිටපත් දෙකක් ඉදිරිපත් කරනු ලබන අතර තමන් විසින් අඩුපාඩු රහිතව ඒවා ඉදිරිපත් කළත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ඉදිරිපත්ව ඇත්තේ අඩුපාඩු සහිත පිටපත් බව පැමිණිලිකාර පාර්ශ්වය පවසයි.
එම පිටපත් දෙකෙහිම ප්‍රමාණ පත්‍ර විකෘති කර ඇති බවට පවසන පැමිණිලිකාර සමාගම, එය සිදුකළ පාර්ශ්වය එතැනින් නොනැවතී සිය ටෙන්ඩර්පත දෙවැනි ටෙන්ඩර්කරුවකු වෙත ලබාදීමට කටයුතු කර ඇති බවද පවසයි.
සුගතදාස අධිකාරියෙහි ප්‍රසම්පාදන කමිටුව වෙත අදාළ චෝදනා එල්ල කර ඇති පැමිණිලිකාර පාර්ශ්වය ප්‍රසම්පාදන කමිටුව ක්‍රියාකර ඇත්තේ ටෙන්ඩර් පටිපාටියට අනුකූල නොවන ලෙසින් යැයි අදාළ ලිපියේ සඳහන් කර ඇත.
මෙය සුගතදාස අධිකාරිය විසින් හිතාමතාම සිදුකළ ටෙන්ඩර් වංචාවක් බවත් එය රජයේ මුදල් අවභාවිතාවක් ලෙසත් පැමිණිලිකරු විසින් දක්වා තිබේ.
මෙම ලිපියේ පිටපත් අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ ප්‍රසම්පාදන කොමිෂන් සභාවට යොමුකිරීමටද පැමිණිලිකාර සමාගම කටයුතු කර ඇත.
මූලාශ්‍රය - අරුණ