Sep 26, 2019

අකිලට නව පුහුණුකරුවෙක් Featured

පන්දු යැවීමේ නීති විරෝධී ඉරියව් සම්බන්ධයෙන් වසරක තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය නව පුහුණුකරුවකු යටතේ පුහුණු කරවීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් අපේක්ෂා කරන බව වාර්තා වේ.

අකිලට දී ඇති වසරක තරග තහනමට අදාල කාලය අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකළ යුතු බව ක්‍රිකට් තේරීම් කමිටුෙව් සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කර ඇත.

අයි.සී.සී. ය විසින් අකිලට පැනවූ වසරක තරග තහනම ලබන වසරේ අගෝස්තු 29 වැනිදායින් අවසන් වේ.

25 හැවිරිදි අකිල ධනංජයගේ පන්දු යැවීම සැක සහිත බවට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී චෝදනා එල්ලවූ දෙවැනි අවස්ථාව මෙය වූ අතර ඔහුට පළමුවරට චෝදනා එල්ලවූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එංගලන්තයට එරෙහිව පල්ලේකැලේ ‍පැවැති ටෙස්ට් තරගයේදිය.

අයි.සී.සී. නීතිරෙගුලාසියට අනුව වසර දෙකක් ඇතුළත යම්කිසි පන්දු යවන්නකු එවැනි චෝදනාවකට වරදකරුවකු වන්නේ නම් ඔහුට වසරක තරග තහනමකට මුහුණ දීමට සිදුවන අතර අකිල ධනංජය මාස දහයක් ඇතුළත එම වරදට දෙවතාවක්ම හසුවීමෙන් මෙම තරග තහනමට ලක්වීමට සිදුවී තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top