Oct 02, 2019

23න් පහළ ක්‍රිකට් තරගාවලියට උසාවියෙන් අතුරු තහනමක් Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන 23 න් පහළ ක්‍රිකට් තරගාවලියට කොළඹ සිවිල් අභියාචනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ.

රේගු ක්‍රීඩා සමාජය විසින් මෙම තරගාවලියට තමන්ට අවස්තාවක් ලබා නොදීම අසාධාරණ බවට යොමුකරන ලද පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය විසින් එම පෙත්සම විභාග කරන තුරු එම තරගාවලිය අත්හිටුවන ලෙස නියෝග කර ඇත.

පසුගිය වසරේ ගවනර්ස් කුසලාන තරගාවලියේ ශූරතාව දිනූ තම කණ්ඩායමට එම වසරේ ප්‍රිමියර් එක්දින තරගාවලියට ද අවස්ථාවක් ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ගවනර්ස් කුසලාන තරගාවලියේ තමන්ගේ අනුශූරයන් වූ නුගේගොඩ ක්‍රීඩා සමාජයට
එම අවස්ථාව ලබා දීමෙන් තමන්ට අසාධාරණයක් වූ බව රේගු ක්‍රීඩා සමාජය පෙත්සමින් දන්වා ඇත.

මීට අමතරව පසුගිය ප්‍රිමියර් “බී" කොටසේ තරගාවලියේ අවසානයට පත් වු කළුතර නාගරික ක්‍රීඩා සමාජය ඔවුන් ගවනර්ස් කුසලාන තරගාවලියට පහතට දැමු බවට දන්නවා තිබියදීත් 23න් පහළ තරගාවලිය ට අවස්ථාව ලබාදීම විශේෂත්වයකි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top