ක්රිකට් ක්රීඩාව දිනෙන් දින නවීන තාක්ෂණයෙන් යුතුව ඉදිරියට යන බැවින් ලොව එවැනි තාක්ෂණික ක්රමවේද ශ්රී ලංකා ක්රීඩකයන්ට හා පුහුණුකරුවන්ට සමීප කිරීම උදෙසා ශ්රී ලංකා ක්රිකට් ආයතනය මේ තීරණය ගෙන ඇත.
මේ විශේෂඥ පුහුණුකතරුවන් දෙදෙනා සමග මේ වන විටත් සාකච්ඡා කොට ඇති අතර වසීම් අක්රම් හා ජුලීයන් වුඩ් ලංකාවට පැමිණීමට කැමැත්ත පළකොට ඇතැයි වාර්තා වේ.
ලංකාවේ බොහෝ වේග පන්දු යවන්නන් පන්දුව වේගයෙන් පිතිකරුවන්ට යොමු කළද, කඩුලු ලබාගත හැකි උපක්රම හා තාක්ෂණික ක්රමවේද අවම බව හඳුනාගෙන ඇති අතර ඒ සදහා පිළියම් ද මුල් පෙළේ හා මැද පෙළ පිතිකරුවන් වේගයෙන් පිත්ත හසුරුවා හයේ හා හතරේ පහර ලබාගැනීමේ ආකාරය ඔවුන් විසින් පුහුණු කිරීමට නියමිතය.