Oct 10, 2019

එකේ සිටි පාකිස්තානය ලංකාවට තුනම පරදියි!

තෙවැනි හා අවසන් විස්සයි - 20 තරගයෙන් පාකිස්තානය පරදා ලකුණු 13ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිල ඊයේ (09) සමත් විය.

මේ අනුව අංක එකේ සිටි පාකිස්තානුය සිය මවුබිමේදීම තරගාවලියක් පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත් විය.

තරග තුනකින් සමන්විත ලාහෝර් විස්සයි 20 තරගාවලියේ ජය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව හිමිකර ගත්තේය.

අවසන් පන්දුවේදී පාකිස්තානයට ජයග්‍රහණය පිණිස ලකුණු 15ක් ලබා ගැනීමේ අසීරු ඉලක්කයක් එල්ලවී තිබියදී එය ලකුණකට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙය ශ්‍රී ලංකාව පකිස්ථානයට එරෙහිව ලැබූ පළමු පන්දුවාර 20 තරගාවලි ජයග්‍රහණයද මෙය වේ.

ශ්‍රී ලංකාවෛන් ලැබුණු ලකුණු 183 ක ඉලක්කය හඹා ගිය පකිස්තානයට පන්දුවාර 19 කදී සියළුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 147 ක් පමණි.

පාකිස්තාන ඉනිමේ කඩුලු 5 ක් ලකුනු 52 ක් තුළ දැවී ගිය මොහොතේදී ඉමාඩ් වසීම් හා ආසිෆ් අලි හයවැනි කඩුල්ලට වාර්තාගත ලකුනු 75 ක සබඳතාවක් එක් කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් නුවන් ප්‍රදීප් කඩුලු 4 ක් දවා ගත් අතර වනිඳු හසරංග කඩුලු 3 ක් දවා ලීය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු 6 කට ලකුණු 182 ක් රැස් කළේය.

එහිදී භානුක රාජපක්ෂ ලකුණු 77 ක් රැස් කළේය. ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ඔහුට හිමිවිය.

තරගාවලියේ පළමු තරගයෙන්ද ශ්‍රී ලංකාව ජයගත්තේ ලකුණු 64 කිනි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top