Oct 11, 2019

මාලිංගගෙන් පස්සෙ දසුන්ට අවස්ථාවක් තියෙනවා Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි - 20 නායක ලසිත් මාලිංග පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා විස්සයි - 20 කණ්ඩායමට නායකත්වය ලබාදීමට දසුන් ශානකට හොඳ අවස්ථාවක් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසයි.
දසුන් ශානකට දක්ෂතා දැක්වීමට විශාල අවශ්‍යතාවක් ඇති බවත් ඔහුට නායකත්ව ගුණාංග ඇති බවත් ඔහු සඳහන් කළේය.

එසේම දනුෂ්ක ගුණතිලක මෙන්ම වනිඳු හසරංග මෙම තරගාවලියේදී උපරිම දක්ෂතා දැක්වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ අනුව විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් හොඳ සංචිතයක් තෝරා ගැනීමට අවස්ථාවක් ඇති බවත් ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතා මට්ටම් තවදුරටත් ඉහළ නැංවිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top