Jan 30, 2017

ක්‍රිකට් ෆිසියෝ හෝටල් කාමරයේ මියයයි

ඉන්දියාවේ ඒ කණ්ඩායමේ හා අවු. 19 පහළ ක්‍රිකට් පිලේ ශාරීරික සුවතා පුහුණුකරු වන රාජේෂ් සාවන්ත් හදිසියේ මියගොස් ඇතැයි වාර්තා වේ.

ඔහුගේ සිරුර ඊයේ දිනයේදී (29) මුම්බායි නගරයේ හෝටල් කාමරයකදී සොයාගෙන තිබේ.

එංගලන්තයට එරෙහිව පළමු එක්දින තරගය වෙනුවෙන් පුහුණුවීම් ආරම්භ කිරීමට සාවන්ත් ආ යුතුව තිබුණද, ඔහු ගේ ඒ සඳහා පැමිණ නැත.

මේ සමග සාවන්ත සෙවීමට ආරම්භ කර ඇති අතර, ඔහුගේ හෝටල් කාමරයේ දොර කඩා ඇතුල් වූවන්ට දක්නට ලැබී ඇත්තේ ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුරයි.

සාවන්ත් මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අතර, නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර තිබුනේ සාවන්ත් නිදාසිටියදීම මියගොස් ඇති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top