Oct 17, 2019

වොලිබෝල් ලෝක කුසලානය බ්‍රසීලයට

ජපානයේ හිරෝෂිමාහී පැවති 2019 ලෝක කුසලාන වොලිබෝල් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට බ්‍රසීල කණ්ඩායම සමත්වී තිබේ.

ඒ තරග වට 3 ට 0 ක් ලෙස අවසන් මහා තරගයේදී ඉතාලි කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ලකුණු තත්ත්වය දැක්වුණේ 25ට 20 ක්, 25 ට 22 ක් සහ 25 ට 15 ක් ලෙසනි.

බ්‍රසීලය මේ වන විට අවස්ථා 3 කදී වොලිබෝල් ලෝක කුසලානය දිනාගෙන සිටියි.

ඒ, 2003, 2007 සහ 2019 වසරවලදී ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top