මෙම ප්‍රවේශපත් 30 මිලදී ගැනීමට ක්‍රිකට් පරිපාලන කමිටුවේ අනුමැතිය යොමු කර ඇතැයිද පැවසේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය නැරඹීමට ක්‍රිකට් සභාපති ඇතුළු ක්‍රිකට් ලොක්කෝ පිරිසක් මේ වන විටත් සූදානමින් පසුවන බව අනාවරණය වේ.
කෙසේ වෙතත් මෙම ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සිතාමතා කරන මුදල් නාස්තියක් බවද ක්‍රිකට් ආයතනයේම සේවක පිරිස චෝදනා කර සිටිති.
මීට පෙරද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මෙවැනිම ආකාරයේ මුදල් නාස්තියක් සිදුවුණු අතර, ක්‍රිකට් ආයතනයේ මෙන්ම එහි සාමාජික සංගම්වල වත්මන් පරිපාලනයට ඡන්දය ලබාදුන් පිරිස සඳහා මේ ආකාරයෙන්ම ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට වත්මන් ක්‍රිකට් පරිපාලනය කටයුත් කර තිබිණි.