Oct 22, 2019

පන්දු 100 ක්‍රිකට් තරගාවලියෙන් ලසිත් විසිවෙයි

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන පන්දු 100 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට අහිමිවී තිබේ.

ඒ එම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ඔහු වෙනුවෙන් කිසිදු ලංසුවක් ඉදිරිපත් නොවීම නිසාය.

මෙම තරගාවලිය සදහා ලසිත් මාංලිංග වෙනුවෙන් ඉදිරිපත්ව තිබූ ලංසුව පවුම් 125,000 කි.

මෙහිදී ඉහළම ලංසුවක් හිමිව තිබූ ක්‍රිස් ගේල් හා කගිසෝ රබාඩාටද කිසිදු කණ්ඩායමක් විසින් ලංසු ඉදිරිපත් කර නැහැ.මෙම තරගාවවිය සදහා කිසිදු ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයකුට අවස්ථාව හිමි නොවීමද විශේෂත්වයකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top