OPEN

#

OPEN

#

Oct 24, 2019

බීච් වොලිබෝල් පිල අවසන් 10 අතරට

චීනයේ වුහාන් නගරයේ පැවැත්වෙන 7 වැනි ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියේ බීච් වොලිබෝල් කාන්තා ඉසව්වේ අවසන් කණ්ඩායම් 10 අතරට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්ව සිටිති.

සාගරිකා ගුණසිංහ සහ කසුනි තාරුකා ලක්ෂානී කාන්තා කණ්ඩායමට ඇතුළත් වෙති. අවසන් තරග 10 වටයේ පළමු තරගයට ශ්‍රී ලංකා කාන්තා පිල අද (24) ජර්මනිය සමග තරග වැදීමට නියමිත බව වාර්කා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු සහ කළමනාකරු ලෙස බ්‍රිගේඩියර් මහේෂ් අබේරත්න මහතා කටයුතු කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top