Oct 26, 2019

ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරය එංගලන්තයේ රාම්ප්‍රකාශ්ට? Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා එංගලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රීඩකයෙකු හා මේවන විට එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන මාක් රාම්ප්‍රකාශ් මහතා ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ.

නව ප්‍රධාන පුහුණුකරුවා ලෙස රාම්ප්‍රකාශ්ගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැකි වුවහොත් ඔහු එළඹෙන ශ්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා එක් කර ගැනීමට බොහෝවිට ඉඩකඩ ඇති බවද පැවසේ.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 52කදී ඔහු ලකුණු 2350ක් රැස් කර ඇති අතර පළමු පෙළ තරග 461කදී ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 35,659කි. ඊට ශතක 114 අතර්ගතය.

මේවන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතාගේ සේවය පසුගිය අගෝස්තු මස අත්හිටවූ අතර ඔහු ඊට එරෙහිව මේ වනවිට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top