Oct 31, 2019

උස පැනීමේ ශූරයා තරග බිමෙන් සමුගනියි

උස පැනීමේ ශූර මංජුල කුමාර තරග බිමෙන් සමු ගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඔහු මේ බව පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

තම ක්‍රීඩා ජීවිතයේ ලැබූ විශාලම ජයග්‍රහණය ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවීම බව ද ඔහු සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාවේ උස පැනීම ජාතික වාර්තාවට හිමිකම් කියන ඔහු, 2005 දී මෙන්ම 2009 ආසියානු ක්‍රීඩා උළෙලේදී ද රන් පදක්කම් දිනා ගනු ලැබීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top