Nov 01, 2019

සංගාගේ නායකත්වයෙන් MCC හා ESSEX තරගය ගාල්ලේදී

මාර්ලිබොන් ක්‍රිකට් සමාජය (MCC) හා එසෙක්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ශූරතා කවුන්ටි තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

සාම්ප්‍රදායිකව පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාවේ ගාලු ක්‍රීඩාංගණයේදී ලබන වසරේ මාර්තු මස 24 දා සිට 27 දා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

සාම්ප්‍රදායිකව පැවැත්වෙන මෙම තරගය එම්.සී.සී. කණ්ඩායම හා එංගලන්තයේ සිවුදින කවුන්ටි තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායම අතර පැවැත්වෙයි.

මෙම තරගයේදී එම්.සී.සී. කණ්ඩායමේ නායකයා ලෙස එම ක්‍රීඩා සමාජයේ සභාවති වන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර කටයුතු කිරීමට නියමිතව තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top