Nov 03, 2019

රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාව ඩැහැ ගනියි

ලොව ශක්තිමත්ම කණ්ඩායම තමන් බව සනාථ කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම තුන්වැනි වරටත් ලෝක කුසලාන රග්බි ශූරතාව දිනා ගත්තේය.

ඔවුන් හමුවේ එංගලන්ත කණ්ඩායම පරාජය විය.

සති 6 කට අධික කාලයක් ලොව ප්‍රමුඛ පෙළේ රග්බි කණ්ඩායම් 20 ක් තරග කිරීමෙන් පසු අවසන් මහා තරගයට පිවිසුණේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාවයි.

පළමු අර්ධය අවසන් වන විට දකුණු අප්‍රිකාව ලකුණු 12 ට 6 ක් ලෙස පෙරමුණේ පසු විය.

දෙවැනි අර්ධයේදී දකුණු අප්‍රිකාව තවත් ලකුණු 20 ක් රැස් කළේය.

එංගලන්ත ක්‍රීඩකයින්ට එම අර්ධයේදී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 6 ක් පමණි.

ඒ අනුව ලකුණු 32 ට 12 ක් ලෙස ජය තහවුරු කර ගත් දකුණු අප්‍රිකාව තුන් වැනි වරටත් රග්බි ලෝක ශූරයින් බවට පත් විය.

දකුණු අප්‍රිකාව පළමු වරට රග්බි ලෝක කුසලානය දිනා ගත්තේ 1995 වසරේදී වන අතර 2007 වසරේදී ද දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානය දිනාගත් අතර එවර ඔවුන්ට පරාජය වුයේ එංගලන්තය වීම ද විශේෂත්වයකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top